Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

2023 වසරේදී ජනාධිපති තනතුරේ සිටියදී සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනයේ සංචාරයක නිරත වීමට රජයේ මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව අද (22) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඉන් අනතුරුව ඒ මහතාව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවට ඉදිරිපත් කරන ලදී.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවත් විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ හෘද රෝග ඇතුළු අසනීප තත්වයන්, ඔහුගේ බිරිඳ පිළිකා රෝගයකින් පෙළිම සහ ඔහුට අනිද්දා දිනයේදී ඉන්දියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ කවුන්සිලයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට තිබීම යන සුවිශේෂී හේතු මත ඔහුව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

මෙම ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම පැය බාගයකට කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කළ අතර පැය හතරකට පමණ පසුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඇය නියම කළේ සැකකරු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

https://www.facebook.com/UTVTamilHD/videos/1064207795859380/?app=fbl

Related posts

මුදල් ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Claims some Fonterra milk products containing animal fats ‘Completely false,’ Fonterra says

Mohamed Dilsad

Navy nabs 7 persons for illegal fishing

Mohamed Dilsad

Leave a Comment