Trending Newsඑසැන පුවත්දේශීය

රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් ගැන ආණ්ඩුව වගකීම ගත යුතුයි – සාගර කාරියවසම්

රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි තියා මරා දන බවට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුව මේ වන විට රට තුළ වැඩි ව තිබෙන පාතාල ක්‍රියාකාරම් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

පාතාල නායකයින් බියවී රටින් පලා ගියෙත් පාතාල ක්‍රියාකාරකම් නතර වූයේත් රාජපක්ෂවරුන්ගේ කාලයේ බව කාරියවසම් මහතා සඳහන් කරයි.

”අපි දැක්කා බිමල් රත්නායක අමාත්‍යවරයා පාතාලය ගැන ප්‍රකාශයක් කරනවා. මේ පාතාලය මෙහෙයවපු කට්ටිය සම්බන්ධයෙන් මේ පාතාලය කොහොමද පහුගිය කාලයේ මෙහෙයවුණේ කියන කාරණය සම්බන්ධයෙන් බිමල් රත්නායක මැතිතුමා ප්‍රකාශයක් කරනවා. බිමල් රත්නායක මැතිතුමනි රාජපක්ෂවරුන්ගේ කාලයේ තමයි පාතාල නායකයෝ මේ රට අතහැරලා පැනල ගියේ. රාජපක්ෂවරුන්ගේ කාලයේ තමයි ලංකාවේ පාතාල ක්‍රියකාරකම් නතර වුණේ. මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නැහැ. මේ රටේ ජනතාව දන්නවා රාජපක්ෂවරුන්ගේ කාලයේ තමයි පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගෙනියද්දී වෙඩි තියල මරා දානවා කියල ඒකට විරුද්ධව උද්ඝෝෂණය කළේ හඬක් නැගුවේ ඔබලා මිසක් මේ රටේ වෙනකවුරුවත් නෙවෙයි. ඉතින් ඒක නිසා පාතාලය ඔබලාගේ ආණ්ඩුවක් යටතේ බිමල් රත්නායක මහතා සභානායක ධූරය දරන, ආණ්ඩුවක් යටතේ පාතාලය දිනෙන් දින මහ පාරේ ගෙවල්වලට ඇවිල්ලා, පොලීසි ඉස්සරහ මිනී මරල වෙඩි තියල යන තත්ත්වයට පත්වෙලා තියෙනව. මේ වගේ පාතාලයක් ඉහළට ගෙන ඒම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගන්න ඕනේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

உந்துருளியில் வந்த இருவர் மாணவி மீது ஊசிய ஏற்றிய கொடூரம்…

Mohamed Dilsad

Pakistan’s trade with Sri Lanka comes to a halt

Mohamed Dilsad

Special Envoy of Japanese Premier called on President

Mohamed Dilsad

Leave a Comment