Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් වර්ජනය තව දුරටත්

ඉල්ලීම් 19 ක් මුල් කරගෙන තැපැල් සේවකයින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් අද (18) දිනයේ රට පුරා තැපැල් කටයුතු සියල්ල ඇණහිට ඇති බව තැපැල් වෘත්තිය සමිති නායකයෝ සඳහන් කරති..

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ඊයේ සවස හතරට ආරම්භ කළ මෙම වැඩ වර්ජනයට රට පුරා තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එක් වූ අතර ඒ අනුව වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

අතිකාල සේවා සඳහා ගෙවීම්ලබාදීම, පුරප්පාඩු සම්පූර්ණ කිරීම,රාජකාරියට වාර්තා කිරීමේදීී හා රාජකාරිය අවසන් කර යෑමේදී ඇඟිලි සලකුණු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් 19 ක් මුල් කරගෙන මෙම වැඩ වර්ධනය දියත් කර තිබේ.

මෙම වැඩ වර්ජනය සමග තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තිය සමිති සියල්ල ඒකාබද්ධව සිටින බව පවසන චින්තක බණ්ඩාර මහතා සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව පැවසීය.

Related posts

ජනතාවගෙන් පොලීසියෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ආනයනික මාළු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින් අඩුවේ

Mohamed Dilsad

මාතර කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment