Trending Newsඑසැන පුවත්දේශීය

උතුරු – නැගෙනහිර හර්තාල්…..!

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පවසයි.

මුලතිව් ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට හමුදා නිළධාරීන් විසින් පහරදුන් බවට චෝදනා එල්ල වූ අතර එම කඳවුරට ඇතුළු වූ තවත් තරුණයෙකු ප්‍රදේශයේ වැවක මියගොස් සිටියදී සොයා ගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල විය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් විමර්ශන සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සදහන් කළේය.

කෙසේවෙතත් අදාළ තරුණයා මියයෑමට විරෝධය පළ කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ හර්තාල් ව්‍යාපාරයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් මහතා ද පැවසුවේය.

මෙම හර්තාල් ව්‍යාපාරය සදහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සහය පළ කරන බව පසුගියදා සඳහන් කළේය.

Related posts

ඡන්දය ප්‍රකාශ කරන දින සහ පශ්චාත් මැතිවරණ සමයේ රට තුළ ඇති වියහැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීමට ආරක්ෂක අංශ සීරුවෙන්.

Editor O

රෝහල් තුළ ඖෂධ වර්ග රැසක හිඟයක්

Mohamed Dilsad

රනිල් – මංගල ඇතුළු පිරිසක් දේශපාලන පලිගැනීම් කොමිසමට

Mohamed Dilsad

Leave a Comment