Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා මැතිවරණය ලබන වර්ෂයේ පළමු මාස හය තුළ – ඇමති බිමල් රත්නායක

පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු සදහන් කළේ, පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවය.

කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“2025 වසරේ අපි ඡන්ද පැවැත්වුවා. 2024 දීත් අපි නොවැම්බර් මාසයේ ඡන්දයක් පැවැත්වුවා. අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් මාස 6 තුළ කරන්න තමා මුලික අදහස තියෙන්නේ. නීතිමය වශයෙන් බාධාවක් තියෙනවා. ඒවා ඉවත් කරගන්න බලනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම ගැන අපේ ප්‍රතිපත්තිමය තීරණයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම කියන්නේ පුළුල් ක්‍රියාවලියක්. ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේ ඉලක්කය. පළාත් සභා ඡන්දය පවත්වලා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන පුළුල් දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා.”

Related posts

මාර්ග සංවර්ධන අධිකාරිය දේශීය බැංකුවලින් ගත් ණය ගෙවීමේ අර්බුදයක…!

Editor O

சூர்யாவிடம் அடி வாங்கிய கார்த்தி

Mohamed Dilsad

“චීන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ”

Mohamed Dilsad

Leave a Comment