නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (17) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පස් කන්ද කඩා වැටී ඇති බව වාර්තා වේ.
මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී. .
