Trending Newsඑසැන පුවත්දේශීය

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 300කට වගකීමක්

ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 300කට වගකීම පවරා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානයේ දී 16 වෙනිදා පැවති, එම පක්ෂයේ, පළාත් පාලන මන්ත්‍රීවරු දැනුවත් කිරීමේ වැඩසටහනේදී ඒ පිළිබඳ දැනුම් දී ඇත.

වත්මන් ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බවත් ඒ පිළිබඳව ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීමේ වගකීම එම මන්ත්‍රීවරුන්ට පවරා ඇති අතර පළාත් පාලන ආයතනවලදී ජනතාව වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී දැනුවත් කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර,සුසිල් ප්‍රේමජයන්ත,ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් එම වැඩසටහනට සහභාගි වූහ.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් හදනවා – මහින්දානන්ද අලුත්ගමගේ

Editor O

කොවිඩ් -19 එන්නතක් සියලු රටවලට හිමිවිය යුතු බවට යෝජනාවක්

Mohamed Dilsad

பிள்ளையானின் விளக்கமறியல் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment