Trending Newsඑසැන පුවත්දේශීය

ධීවර විශ්‍රාම වැටුප යළි ඇරඹේ

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි එළැඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වන විට දැනුවත් කරමින් පවතින බවද එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසීය.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව මෙම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

සභාපතිවරයා පැවසුවේ පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීය වන අවස්ථාව වන විට ධීවරයින් 60,000කට ආසන්න ප්‍රමාණයක් එමගින් ප්‍රතිලාභ ලබා ගනිමින් සිටි බවය.

ඒ අනුව යළිත් මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමේදි එම ප්‍රමාණයට වඩා වැඩි ධීවරයින් පිරිසකට මෙමගින් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහාතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related posts

Trump delays tariff hikes on Chinese goods ahead of talks

Mohamed Dilsad

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ජාතික විදුලි බල පද්ධතියට

Mohamed Dilsad

Rupee firms as banks, exporters sell dollars

Mohamed Dilsad

Leave a Comment