Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන යළි සලකා බලන්න – හිටපු කතානායක කරු ජයසූරිය

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව යළි සලකා බලන ලෙස හිටපු කතානායක කරූ ජයසූරිය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සංසදයේ සභාපති ලෙස මෙම දැනුම්දීම සිදුකර තිබේ.

එහිදී හිටපු කතානායක කරූ ජයසූරිය පෙන්වා දෙන්නේ, මේ වන විට විශ්‍රාමික මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490 දෙනෙකු පමණ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන අතර, ඔවුන්ගෙන් බහුතරය එම වැටුපෙන් ජීවත් වන දුප්පත් තත්ත්වයේ සිටින පුද්ගලයන් බවයි.

තවද, මේ අතර ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන් සිව් දෙනෙකුද සිටින බව ඔහු අවධාරණය කළේය.

“මහජන නියෝජිතයන් ලෙස පත්වන සියලුම දෙනා සොරුන් හෝ වංචනිකයන් නොවන බැවින්, ඉතා අසීරුවෙන් දිවි ගෙවන මෙම පිරිස් ගැන කරුණාවෙන් ක්‍රියා කළ යුතුයි” යනුවෙන් හිටපු කතානායකවරයා සඳහන් කර තිබේ.

විශ්‍රාමික මහජන මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම ඉන්දියාව, ඇමරිකාව, එංගලන්තය සහ යුරෝපය ඇතුළු බොහෝ රටවල සිදුවන සාමාන්‍ය දෙයක් බවද ඔහු පෙන්වා දෙයි.

ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් තම ආහාර සහ ඖෂධ පවා ලබා ගන්නේ මෙම විශ්‍රාම වැටුපෙන් බවද ඔහු අවධාරණය කරයි.

එබැවින් රජය විශ්‍රාම වැටුප් සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට පෙර මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව හිටපු කතානායක කරූ ජයසූරිය වැඩිදුරටත් පවසයි.

Related posts

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

Deputy Ministers and State Ministers sworn in

Mohamed Dilsad

පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment