Trending Newsඑසැන පුවත්දේශීය

විවාහයට පෙර, රුධිර පරීක්ෂණක් කරන්න – විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ

විවාහ වන වයසේ පසුවන තරුණ, තරුණියන් විවාහයට පෙර සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full Blood Count) සිදුකර තැලසීමියා වාහක ද, නැති ද, යන්න පිළිබදව දැනුවත්වී විවාහ වන ලෙසත්, තැලසීමියා වාහකයෙක් තවත් තැලසීමියා වාහකයෙක් සමග විවාහ නොවීමෙන් මෙරටින් සම්පූර්ණයෙන්ම තැලසීමියා රෝගය තුරන්කල හැකි බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය අවධාරණය කළාය.

එමෙන්ම වර්ථමානය වන විට ශ්‍රි ලංකාව තුල තැලසීමියා රෝගීන් 2000 කට ආසන්න පිරිසක් සිටින බවත්, මෙම රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් සදහා වසරකට ජාතික සෞඛ්‍ය අයවැයෙන් සියයට 15 ක මුදලක් වෙන්වන බවත්, එක රෝගියෙකුට වසරකට රුපියල් මිලියන 10 කට අධික මුදලක් වෙන් වන බවත්, ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සදහාත් එක් අයෙකුට රුපියල් මිලියන 40 කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බවත්, විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා ය.

කුරුණැගල, අනුරාධපුරය, බදුල්ල, අම්පාර සහ මඩකලපුව ප්‍රදේශ වලින් තැලසීමියා රෝගීන් 100 කට අධික පිරිසක් වාර්තා වන බවත්, සෑම වසරකම තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවන් 60 ක් පමණ මෙරට ඉපදෙන බවත් ඇය මෙහි දී පැවසුවා ය.

ජාත්‍යන්තර තැලසීමියා දිනය සෑම වසරකම මැයි මස 08 දිනට යෙදී ඇත. තැලසීමියා යනු ජානමය වෙනසක් මගින් හීමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇතිවීම නිසා හටගන්නා රෝගී තත්වයක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

සෑම වර්ෂයකම කාලීන මාතෘකාවක් යටතේ මෙම දිනය සමරනු ලබන අතර මෙවර (2025) තේමාව ලෙස “ තැලසීමියා සඳහා එක්ව: ප්‍රජාවන් එක්සත් කිරීම, රෝගීන්ට ප්‍රමුඛතාවය දීම” යොදාගෙන ඇත.

මෙම ජාතික සැමරුම් උත්සවය සදහා පූජ්‍ය කටානේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ, රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මෙන්ම මහර නව යොවුන් හා වැඩිහිටි තැලසීමියා ඒකකයේ නිරිමාතෘ මහාචාර්ය අනුජ ප්‍රේමවර්ධන, ලංකා තැලසීමියා සංවීධානයේ සභාපති මධූෂ කුමාර, ලේකම් හංසි සෙව්වන්දි, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ රංග චන්ද්‍රසේන, දිවයින පුරා රජයේ රෝහල් වල ස්ථාපිත ප්‍රාදේශීය තැලසීමියා ඒකක නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම තැලසීමියා සේවාලාභීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

Related posts

ஜனாதிபதித் தேர்தல் 2019 – வாக்குப்பெட்டிகளை வாக்கெண்ணும் மத்திய நிலையங்களுக்கு

Mohamed Dilsad

Train services along the Kelani Valley line delayed

Mohamed Dilsad

Pakistan Joint Chief of Defence Staff, General Hayat meets with the President

Mohamed Dilsad

Leave a Comment