දේශීය

නැනෝ නයිට්‍රජන් දියර පොහොර දිවයිනට

(UTV | කොළඹ) – මෙවර මහ කන්නය සදහා යෙදීමට ඇනවුම් කරන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31න් පළමු තොගය වන ලීටර් ලක්ෂය අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

මේ සදහා යොදාගෙන ඇත්තේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයයි.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ සදහන් කළේ, මෙම සතිය තුළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර තවත් ලීටර් ලක්ෂ 4ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබූ මෙම දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්වල ගොවි සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදෙනු ඇති.

මෙලෙස දිවයිනට රැගෙන එනු ලැබූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාර ගැනීමේ අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ එක්ව සිටියා.

Related posts

වනගහනය 30% ක සීමාවේ පවතින ලෝකයේ රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්

Editor O

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment