Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ පළමු මාස 06 ට අල්ලස් කොමිෂම ට පැමිණිලි 3000ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී තිබෙන පැමිණිලි 5000කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විමර්ශන කිරීමට එම කොමිසමේ සිටිනුයේ නිලධාරින් 230 ක් පමණ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

අල්ලස් කොමිසම තුළ නිලධාරින් 340 ක් පමණ සිටිය යුතු වුවත් මේ වන විට නිලධාරින් 100 කට අධික ප්‍රමාණයක හිඟයක් පවතින බව ද පැවසේ.

අල්ලස් වශයෙන් මුදල් සහ දේපොළ ගැනීම, විවිධ දූෂණ ක්‍රියා සහ ඉකුත් කාලයේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ දූෂිත ගනුදෙනු පිළිබඳ 2025 ජනවාරි 01 වැනිදා සිට ජුනි 30 දක්වා පමණක් අල්ලස් කොමිසම වෙත පැමිණිලි 3022 ක් ලැබී තිබෙන බවද වාර්තා වේ.

අරුණ

Related posts

නියිජීරියාවේ අයිඑස්අයිඑස් ඉළක්ක වෙත ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

Editor O

Navy recovers illegal explosive items

Mohamed Dilsad

காலநிலை

Mohamed Dilsad

Leave a Comment