Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ නිදන් හාරලා

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක් ආසන්නයේ නිදන් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳක් ද සිටින බව වාර්තා වේ.

මොවුන් බදුල්ල, මාලිගාතැන්න, පදවි-ශ්‍රීපුර, ගිරාදුරුකෝට්ටේ, වරකාපොල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ත් 58 ත් අතර පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් සත් දෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල රත්තරං දේවාලය ආසන්නයේ පිහිටි ඉඩමක මෙම පිරිස නිදන් හෑරීම සිදු කරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.

Related posts

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂම නොවැම්බර් 27 රැස්වෙයි.

Editor O

MSD firearm reported missing

Mohamed Dilsad

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment