Trending Newsඑසැන පුවත්දේශීය

කංසාවලින් රටේ ආර්ථිකය ගොඩදාන්නේ කොහොමද? – ඇඩික් ආයතනය ප්‍රශ්න කරයි

රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කංසා වගාව සඳහා අවසර දීම පිළිබඳව, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) බලධාරීන්ගෙන් විමසා සිටියි.

ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස විදේශීය ආයෝජකයන් හත් දෙනෙකුට මෙම වගාව සඳහා අවසර ලබා දීම මගින් රටේ දියුණුවට බලපාන ආකාරය සම්බන්ධයෙන් කරුණු අටක් යටතේ ඔවුන් ප්‍රශ්න මතු කර ඇත.

ඒ අතර, දැනටමත් රට තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි තත්ත්වයක් තුළ, මෙම වගාවන් ආරක්ෂිත කලාපවලින් පිටතට නොයන බවට සහතිකයක් ලබා දිය හැකිද යන්න ප්‍රධාන වශයෙන් විමසා ඇත.

තවද, කංසා වගාව තුළින් ලෝක වෙළෙඳපොළෙහි අපට ලබා ගත හැකි වෙළෙඳ ප්‍රමාණය, මිල ගණන්, ලාභය සහ රජයට ලැබෙන විදේශ විනිමය පිළිබඳ නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගැනීම සඳහා ස්වාධීන හා විශ්වාසනීය ජාත්‍යන්තර වෙළෙඳපොළ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබේදැයි ද ඔවුන් විමසා සිටියි.

චීනය සහ නෙදර්ලන්තය වැනි දැනටමත් නීත්‍යානුකූලව කංසා වගා කරන රටවල් සමඟ තරග කිරීමට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයන් පිළිබඳව ද ඇඩික් ආයතනය විමසා ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, මහජන සුභසිද්ධියට ප්‍රමුඛත්වය දෙන රජයක් ලෙස මෙම තීරණය වහාම ආපසු හැරවීමට මැදිහත් වන ලෙස ADIC විසින් බලධාරීන්ගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටියි.

Related posts

மண்சரிவு அபாய எச்சரிக்கை

Mohamed Dilsad

Foreign employment registration fee revised

Mohamed Dilsad

Kerala Coast on high alert over suspected boats carrying IS terrorists who fled Sri Lanka

Mohamed Dilsad

Leave a Comment