Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකා තීරු බදු ගැන, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

අමෙරිකාව විසින් ආරම්භයේදී ශ්‍රී ලංකාවට පැනවූ 44% තීරු බදු ප්‍රතිශතය ක්‍රියාවට නැංවූයේ නම් ශ්‍රී ලංකාවට සංශෝධිත අයි.එම්.එෆ් වැඩසටහනක් සඳහා යා යුතු තත්ත්වයක් උද්ගතවීමට ඉඩ තිබූ බව ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය..

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (12) සිංගප්පුරුවේ පැවති ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේදී අදහස් දක්වමින්.තවදුරටත් අදහස් පළ කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

” මම හිතන්නේ අමෙරිකානු තීරුබදු පැනවූ විට එය පැහැදිලිවම බාහිර කම්පනයක්. එය ශ්‍රී ලංකාවට පමණක් පොදු නොවන කරුණක් බවට අපි කවුරුත් තේරුම් ගැනීම අවශ්‍යයි. පසුගිය කාලයේදී මුහුණදුන් වසංගත තත්ත්වයත් එවැනිම බාහිර කම්පනයක්. මෙයත් ඒ වගේම අනපේක්ෂිත බාහිර කම්පනයක්. ඒ කම්පනයට මුහුණදීමට රට සූදානම් කරන්නේ කෙසේද යන්න වැදගත් එකක්. බාහිර කම්පන ඕනෑම වෙලාවක අනපේක්ෂිත ලෙස පැමිණිය හැකියි. වැදගත් වන්නේ එවැනි අවස්ථාවක මුහුණදීමට සහ ආර්ථිකයට සහයවීමට අවශ්‍ය ස්වයං ආරක්ෂණය සකස් කර තිබීමයි. එක්සත් ජනපද තීරුබදු සම්බන්ධ සකච්ඡාවලදී මමත් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටියා. මුලින් කිව්ව විදිහට 44% තීරුබදු ශ්‍රී ලංකාවට පැනවූවා නම් අපිට ඒ වෙලාවේ සංශෝධිත IMF වැඩසටහනක් සඳහා යායුතු තත්ත්වයක් තිබුණේ. කෙසේවෙතත් දැන් අපිට තිබෙන 20% තීරුබදු මට්ටම වඩාත් සුවපහසු එකක්. මේ වාතාවරණය තුළ වෙළඳ විවිධාංගීකරණය කරා යොමුවිය යුතුයි.” යැයිද කීවේය.

Related posts

යුරේනි නිසා බුකිය කැළඹුණු හැටි..

Mohamed Dilsad

Hashim Amla retires from international cricket

Mohamed Dilsad

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment