Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිට තොරතුරු දැනුම් දෙන්න වට්ස්ඇප් අංකයක්

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම වට්ස්ඇප් අංක හඳුන්වා දී ඇත..

ඒ අනුව 071 – 8598888 යන නව වට්ස්ඇප් අංකය අද (13) සිට ක්‍රියාත්මක වනු ඇති.

මේ හරහා පොලිස්පතිවරයා වෙත ඍජුවම කෙටි පණිවුඩයක් ලබාදීම, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිත කළ හැකිය. ඇමතුම් ලබාගැනීමට ලබාගත නොහැක.

එමෙන්ම පොලිස් නිලධාරීන්ට ද මෙම අංකය ඔස්සේ තම ගැටලු හා තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාව ඇත..

Related posts

එක්නැලිගොඩ නඩුව ලබන 20 වන දා සිට යළි විභාගයට

Mohamed Dilsad

පොලිසියෙන් මහජනතාව වෙත කළ ඉල්ලීම

Mohamed Dilsad

Corruption case against Wimal fixed for Aug. 08

Mohamed Dilsad

Leave a Comment