Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කතා කළේ නරක හීනයක් දැකලා…?

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කළේ නරක හීනයක් දැකලා දැයි හිතෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

අද පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් පැවැත්වූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

“ආර්ථිකයේ වත්මන් තත්ත්වය, මුහුණ දෙන අභියෝග,ඉදිරි ගමන් මාර්ග මෙන්ම ඉලක්ක සපුරාලීම ආදිය ගැන විද්‍යාත්මක පර්යේෂණ සාකච්ඡාවක් අප බලාපොරොත්තු වුණා.ජනපති ඇවිත් දීර්ඝ කතාවක් කළා.මම නම් හිතුවේ බොහොම නරක හීනයක් දැකලා එතුමා මේ සභාවට ඇවිත් කතා කළා වගේ.

එතුමා කුරිරු හීන ගැන, කුමන්ත්‍රණ ගැන කතා කළා.ට්‍රම්ප්  ජනාධිපතිවරයාගේ තීරු බදු ප්‍රශ්නය ආපු විගසම රටක් ලෙස එකමුතු විය යුතු යැයි ජනපති ලේකම් කාර්යාලයට ගොස් විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂත් සමග අත්වැල් බැඳගෙන ජනපතිට අප කීවේ කුමක්ද?

දේශපාලන වාද භේද අතැර  මේ ගැටළුවේදී එකට හිටගන්නා බව අප කිව්වා. අප අඩුපාඩුකම් පෙන්වා දුන්නා.මම හිතන්නේ ජනාධිපති ලොකු ආතතියකින් පීඩනයකින් සභාවට ඇවිත් කතා කළා.

මම දැක්කේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක්ගෙ කතාවක්”
වැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Related posts

9 Sri Lankans busted at BIA with gold concealed as chains

Mohamed Dilsad

යල කන්නයේ වගා හානි සඳහා වන්දි

Mohamed Dilsad

වැලිකඩ පොලීසියෙන් පහරදී රෝහල් ගත කළ සැකකරුවෙක් මිය යෑම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment