දේශීය

යල කන්නයේ වගා හානි සඳහා වන්දි

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ එම වැඩපිළිවෙළ යටතේ ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම හෙට (19) මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවයි.

 

පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර ඉන්පසු ඇතිවූ අධික වර්ෂාව නිසා අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත්වූ බවට හානි තක්සේරු කර ඇත.

 

මේ හේතුවෙන් වගා හානි කඩිනමින් මෙම වසර අවසාන වීමට ප්‍රථම ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

 

සාමාන්‍යයෙන් වගා කන්නයක දී සිදුවන වගා හානි සඳහා වන්දි ගෙවීමට වසරක කාලයක් ගත වූවත් මෙවර නියඟය නිසා සිදු වූ වගා හානි සුවිශේෂී අවස්ථාවක් සේ සලකා ලබා දිය යුතු බවට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව වාර්තා

වේ.

 

Related posts

අල්ලස් ගැනීමට තැත් කල නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දෛනික ආසාදිතයින් 300 ක්

Mohamed Dilsad

කුමාරිඇල්ලේ අතුරුදන් වූ දැරියකගේ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment