Trending Newsඑසැන පුවත්දේශීය

චිචීගේ රොකට්ටුව ගැන නාමල් කතා කරයි

තම සහෝදරයාගේද සහභාගීත්වයෙන් ගුවන් ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ආණ්ඩුවට ස්තූතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ ආකාරයෙන්ම ඉතුරු ටික ද සොයාගන්නා ලෙසද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ රෝහිත රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් 2012 වසරේදී ගුවන්ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරිය කරන ලද ප්‍රකාශයෙන් අනතුරුවයි.

අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී පැවසුවේ අදාළ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් වියදම් කර නොමැති බවයි.

එම චන්ද්‍රිකාව මගින් මේ වන විටත් ශ්‍රී ලංකාවට ආදායම් ලැබෙමින් ඇති බවද ඇය එහිදී සඳහන් කළාය.

Related posts

அனைத்து வயது பெண்களும் சபரிமலைக்கு செல்வது குறித்து உயர் நீதிமன்றத்தின் தீர்ப்பு

Mohamed Dilsad

මෙරටින් සොයාගත් ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

සර්ව ජන බලය, දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකයින් පත් කරයි.

Editor O

Leave a Comment