Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඝානාවේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ඇමතිවරු දෙදෙනෙකු මිය යයි.

ඝානා රාජ්‍යයේ අශාන්ති කලාපයේදී සිදුවූ හමුදා හෙලිකොප්ටර් යානා අනතුරකින් ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඔමානේ බෝමා සහ පරිසර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය බ්‍රහිම් මුර්තලා මුහම්මද් යන මහත්වරුන් ඇතුළු අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඝානා සන්නද්ධ හමුදා ප්‍රකාශ කළේ, කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු සහ මගීන් පස් දෙනෙකු රැගෙන යමින් සිටි Z9 වර්ගයේ හෙලිකොප්ටර් යානය “රේඩාර් පද්ධතියෙන් ඉවත් වූ” බවයි.

අනතුරට හේතුව බලධාරීන් විසින් තහවුරු කර නොමැති අතර, පිළිස්සුණු හෙලිකොප්ටර් යානයේ කොටස් බව කියන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

ජනාධිපති ජෝන් ඩ්‍රමානි මහමා සහ රජය වෙනුවෙන් “රටට සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ සෙබළුන්” වෙත ශෝකය පළ කළ කාර්ය මණ්ඩල ප්‍රධානියා, රටේ ධජ අඩකුඹු කර ඔසවන ලෙසටද දන්වා කර ඇත.

ජාතික නියෝජ්‍ය ආරක්ෂක සම්බන්ධීකාරක සහ හිටපු කෘෂිකර්ම අමාත්‍ය අල්හාජ් මුනිරු මුහම්මද්, ආණ්ඩු පක්ෂය වන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රසයේ උප සභාපති සැමුවෙල් සාපොන්ග් යන මහත්වරුන්ද මියගිය අය අතර වූහ. යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වූයේ ස්ක්වොඩ්‍රන් ලීඩර් පීටර් බෆෙමි අනාලා, ෆ්ලයින් ඔෆිසර් මනින් ට්වුම්-අම්පාඩු සහ සැරයන් අර්නස්ට් ඇඩෝ මෙන්සා යන මහත්වරුන්ය.

අභාවප්‍රාප්ත ආරක්ෂක අමාත්‍ය බෝමා, මහමා මහතාගේ පෙර රජයේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙසත්, ඊට පෙර පරිසර අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර ඇත. ඔහු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස බර්කිනා ෆාසෝහි උතුරු දේශසීමාවේ පැවති ජිහාඩ් ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට කටයුතු කළේය.

පරිසර අමාත්‍ය මුහම්මද්, පරිසරයට හානි කර ගංගා සහ විල් අපවිත්‍ර කරන නීති විරෝධී රන් කැණීම්වලට එරෙහිව සටනේ පෙරමුණේ සිටියේය. “ගලම්සේ” ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාකාරකම්වලට එරෙහිව පසුගිය වසරේ ජනාධිපතිවරණයට පෙර විරෝධතා උච්චතම අවස්ථාවකට පත්ව තිබුණි.

Related posts

Ray Abeywardena appointed new Chairman of CSE

Mohamed Dilsad

ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිට පළඳවයි

Mohamed Dilsad

අපේ ඉලක්කය ජනවාරි මාසයේ IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීම – මහ බැංකු අධිපති

Mohamed Dilsad

Leave a Comment