Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර් කන්සල්ටන්සි නමැති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ලබන ජනවාරි මස 29 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග ඉදිරියේ කැඳවීය

එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.

ඒ අනුව පැමිණිල්ල යළි ජනවාරි මස 29 වන දා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහිකැඳවීම් යොමු කිරීමටත් නියෝග කළාය.

නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Related posts

[VIDEO] – “Essential to conserve Dambulla Temple to maintain World Heritage status” – Prime Minister

Mohamed Dilsad

Liquor shops closed from tomorrow

Mohamed Dilsad

Cambridge beat Oxford in both men’s and women’s races

Mohamed Dilsad

Leave a Comment