Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය යටතේ මෙරටට පනවා ඇති නව තීරුබදු අද (07) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අමෙරිකාව විසින් මෙරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 20ක තීරුබද්දක් අද සිට අයකරනු ඇති.

අමෙරිකාව භාන්ඩ ආනයනය කරනු ලබන රටවල් සඳහා නව තීරුබදු හඳුන්වාදුන් අතර එහිදි ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබුණි.

එම බදු ප්‍රතිශතය ක්‍රියාත්මක වුවහොත් එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඉන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය.

එම සාකච්ඡාවලින් සියයට 24ක ඉහළ තීරුබදු ප්‍රතිශතයක් අඩු කරගැනීමට මෙරට නියෝජිතයින් සමත් වීමත් සමග ශ්‍රී ලංකාව සඳහා පනවනු ලැබු තීරුබදු ප්‍රතිශතය සියයට 20ක් වේ.

Related posts

Arjun Aloysius and Kasun Palisena further remanded

Mohamed Dilsad

வங்கியில் கொள்ளை: வாடிக்கையாளருக்கு துப்பாக்கிச் சூடு

Mohamed Dilsad

හිටපු ඇමති කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් ඇතුළු වත්කම් තහනම තවදුරටත්

Editor O

Leave a Comment