Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව උපකාරක පංති අද සිට තහනම්

ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම තහනම් බවය.

එමෙන්ම එම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා හරිමින් කටයුතු කල හොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකයට හෝ පාසැල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112 784208 හෝ 0112 784537 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වීමට නියමිතය

Related posts

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Editor O

Air Force member arrested at BIA for smuggling gold

Mohamed Dilsad

Showery and cloudy conditions to continue – Met. Department

Mohamed Dilsad

Leave a Comment