Trending Newsඑසැන පුවත්දේශීය

රුසියාවේ සෝචි නිවාඩු නිකේතනය අසළ තෙල් ගබඩාව, ඩ්‍රෝන ප්‍රහාරයකින් ගිනි ගනී.

රුසියාවේ කළු මුහුදේ පිහිටි සෝචි නිවාඩු නිකේතනය අසළ දැවැන්ත තෙල් ගබඩාවක ගින්නක් හටගෙන ඇති අතර, එයට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූවක් බවට රුසියානු බලධාරීන් චෝදනා කරන විදේශ මාධ්‍ය සඳහන් කරයි.

ඒ හේතුවෙන් සෝචි අසළ ගුවන් තොටුපළ ගුවන් ගමන් අත්හිටුවා ඇතැයි ද සඳහන්. ක්‍රස්නෝඩර් කලාපයේ ආණ්ඩුකාර වෙනියාමින් කොන්ඩ්‍රාටියෙව් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඩ්‍රෝන සුන්බුන් ඉන්ධන ටැංකියකට වැදී ඇති බවත්, ගිනි නිවන භටයින් 127 දෙනෙකු ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර, රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ දකුණු නගරයක් වන මයිකොලයිව් හි නිවාස සහ සිවිල් යටිතල පහසුකම් විනාශ වී ඇති බව ප්‍රාදේශීය නිලධාරීන් චෝදනා කරති.

Related posts

மாக்கும்புர போக்குவரத்து நிலையத்துடன் இணைந்த ரயில் நிலையம் திறப்பு…

Mohamed Dilsad

அரசாங்கத்தின் 4 முக்கிய பதவிகளில் மாற்றம்

Mohamed Dilsad

President requests guidance of Maha Sanga to preserve ola books

Mohamed Dilsad

Leave a Comment