Trending Newsඑසැන පුවත්දේශීය

මොරටුව දිසා විනිසුරු සේවයෙන් නෙරපයි ද…?

මොරටුව දිසා විනිසුරු / මහෙස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින ගමගේ මහතාව සේවයෙන් පහකිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ඔහුට විරුව ඉදිරිපත් ව තිබිණ.

කරුණු 8 කින් සමන්විත චෝදනා පත්‍රයක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තිලින ගමගේ මහතා වෙත 2025 ජුනි මාසයේදී යොමුකර තිබිණි. ඒ, එහි සඳහන් විෂමාචාර / වැරදි අනුව ඔහුව සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් අයුරකින් දඬුවම් නොපැමිණවීමට හේතු ඇතොත් දින 21ක් තුළ දැනුම් දෙන ලෙස සඳහන් කරමිනි.

මෙම සිද්ධියට අදාළව තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාව මීට පෙර වැඩ තහනමකට ද ලක්කර තිබූ අතර මීට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකර තිබිණි.

කෙසේවෙතත් එම නඩුවෙන් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට 2021 දෙසැම්බර් 21 වනදා කොළඹ මහාධිකරණය නියෝග කළ අතර ඉන් අනතුරුව ඔහුව නැවත සේවයෙහි පිහිටුවා තිබිණි.

Related posts

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ අතුරු යෝජනාවක්

Mohamed Dilsad

இன்று காலை ஈரான் நாடாளுமன்றத்துக்குள் சரமாரியாக துப்பாக்கிச் சூடு

Mohamed Dilsad

Gordon Ramsay won’t leave his children a penny of his £113million fortune as he fears it will ruin them

Mohamed Dilsad

Leave a Comment