Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළ ට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ වාර්තා වූ -0.6% සිට 2025 ජූලි මාසයේ දී -0.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී 1.5%ක් දක්වා අඩු වී ඇත. 2025 ජුනි මාසයේදී එම අගය වාර්තා වී තිබුණේ 4.3%ක් වශයෙනි.

එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී -1.2%ක් දක්වා වැඩි වී ඇත. එය 2025 ජුනි මාසයේදී වාර්තා වී තිබුණේ -2.8%ක් ලෙසිනි

Related posts

Navy foils illegal migration attempt to la Réunion; Eleven suspects held

Mohamed Dilsad

20 வயது மூத்த பெண்ணை திருமணம் செய்த இளைஞர்

Mohamed Dilsad

சாய்ந்தமருது பிரதேசத்திற்கு விஜயம் செய்துள்ள ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment