Trending Newsඑසැන පුවත්දේශීය

හසළක පොලිස් ස්ථානාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා. – ශ්‍රේෂ්ඨාධිකරණය

ධර්ම චක්‍රය පින්තූරය දැක්වෙන ඇඳුමක් ඇඳ සිටීම වරදක් ලෙස දක්වමින් 2019 මැයි 27 වැනිදා මුස්ලිම් ජාතික කාන්තාවක් , හසළක පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ තින්දුව ප්‍රකාශ කරමින් එම කාන්තාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

පොලිසිය චෝදනා කර තිබුණේ ඇය ඇඳ සිටි එම ඇඳුමේ ඇති සංකේතය “ධර්ම චක්‍රයක්” වන අතර ධර්ම චක්‍රය බෞද්ධ සංස්කෘතියට අයත් සංකේතයක් වන හෙයින් එම සංකේතය සහිත ඇඳුමක් ඇදීම හරහා ඇය බෞද්ධයන් නොසන්සුන් කර ඇති බවට චෝදනා ඉදිරිපත් කර තිබිණ.

කෙසේවෙතත් මෙම සිද්ධිය් සම්බන්ධයෙන් විශාල මහජන කතිකාවක් ඇති වූ අතර අදාළ කාන්තාව ඇඳ සිටි ඇඳුමේ ඇති සංකේතය “ධර්ම චක්‍රය” නොව, “නැව් සුක්කානම” බවට මත පළකෙරුණි.

එම සංකේතය ධර්ම චක්‍රය ම වුවත් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම වැරැද්දක් බව බෞද්ධ භික්ෂුවක් වන ගන්කන්දේ ධම්මාලෝක හිමියන් පවසා තිබුණි. උන් වහන්සේ පවසා තිබුණේ එවැනි චෝදනාවක් මත යමෙකු අත්අඩංගුවට ගැනීම හෝ හිරිහැර කිරීම කිසිසේත්ම බුදු දහම නොවන බවයි.

ඒ අනුව කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම කාන්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබුණු අතර ඊයේ (30) දිනයේ දී එහි තීන්දුව ප්‍රකාශයට පත් විය.

අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීම මගින් හසලක පොලිසියේ ස්ථානාධිපතිවරයා එකී කාන්තාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිය පෞද්ගලික ධනයෙන් අදාළ කාන්තාවට රුපියල් තිස් දහසක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය

Related posts

Delimitation report to be gazetted in a month

Mohamed Dilsad

திருச்சியில் இலங்கை தமிழர்கள் 10 பேர் உண்ணாவிரதம்

Mohamed Dilsad

திருப்பதியில் நடந்த நமீதா திருமண நிச்சயதார்த்தம்

Mohamed Dilsad

Leave a Comment