Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂට, අධිකරණයෙන් ලැබුණ නියෝගය

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ ඔහු අධිකරණය හමුවේ පෙනි පෙනී නොසිටීම මත අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (28) දිනයේ නිකුත් කරන ලද වරෙන්තුවක් ආපසු කැඳවමිනි.

මන්ත‍්‍රීවරයා පෞද්ගලික සංචාරයක් මත මාල දිවයින බලා පිටත්ව ගොස් සිටි අතර ඔහු අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

කටුනායක ගුවන්තොටින් මෙරටට පැමිණි ඒ මහතා ඒ මොහොතේම අධිවේගී මාර්ගය ඔස්සේ හම්බන්තොට බලා ගියේ අධිකරණයේ පෙනී සිටිම සදහායි.

කෙසේ වෙතත් අධිකරණ වරෙන්තු නිකුත් කර සිටියද මන්ත්‍රීවරයා කටුනායක ගුවන්තොටුපලේදී හෝ අධිවේගී මාර්ග පිවිසුම් හෝ පිටවීම් වලදී අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නැත.

Related posts

Navy apprehends 2 persons with 126.695 kg of Kerala cannabis [VIDEO]

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

Mohamed Dilsad

முச்சக்கர வண்டியில் இருந்து வெளியே பாய்ந்த மாணவி

Mohamed Dilsad

Leave a Comment