Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ගැන අධිකරණය දුන් නියෝග මෙන්න.⁣

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, ධුරයේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන අගෝස්තු 05 කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර , අද (29) නියෝග කළාය.

එදිනට විශේෂ පොලීස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරියයෝ නියෝග කළාය.

අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදිනට ගොනුකරන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාට මහෙස්ත්‍රාත් නියෝගය කර ඇත.

අරගලය පැවැති අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ නඩුවක් ගොනු කර ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් හිටපු පොලිස්පතිවරයාඅපේක්ෂිත ඇප ඉල්ලුමක් ඉදිරිපත් කළ තිබිණ..

Related posts

கோர விபத்தில் 5 பேர் உயிரிழப்பு – 12 பேர் காயம்

Mohamed Dilsad

ජනපති ධුරයේ රාජකාරි ආවරණය කිරීම රනිල්ට

Mohamed Dilsad

සපුගස්කන්ද හෙට සිට යළි වැසේ

Mohamed Dilsad

Leave a Comment