Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් විවේක කාලය ට සංශෝධනයක්…?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාලය සහ විවේක කාලය වෙනසක් කර තිබේ.

ඒ අනුව පෙරවරු 7.30 සිට සවස 2.00 දක්වා පාසල් පැවැත්වෙන අතර විවේක කාල දෙකක් ලබාදීමට නිර්දේශ කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ජනවාරි 01 වැනිදා සිට පාසල් පැවැත්වෙන කාලය දිනකට විනාඩි 50 කින් වැඩි වෙන බැවින් එය දරුවන්ට දරා ගත නොහැකි නිසාපෙරවරු 10.10 සිටි 10.30 දක්වාත් දහවල් 12.10 සිට 12.20 දක්වාත් දිනකට විවේක කාල දෙකක් ලබා දී තිබෙන බව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝක ද සිල්වා මහතා පැවසීය.

පන්ති කාල සටහන්වල වෙනසක් සිදුකරන අතර ඒ අනුව පෙරවරු 7.40 සිට 8.30 , 8.30-9.20, 9.20 -10.10, 10.30 -11.20, 11.20 සිට දහවල් 12.10 දක්වාත් 12.20 -1.10, 1.10-2.00 දක්වා කාලය සංශෝධනය කර තිබේ.

Related posts

Update: Jaliya Wickramasuriya further remanded

Mohamed Dilsad

පූජිත්ගේ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති නම් කරයි

Mohamed Dilsad

உலகக்கிண்ண றக்பி – சில போட்டிகள் இரத்து

Mohamed Dilsad

Leave a Comment