Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අලුත් වාහනයට ලක්ෂ 55යි, පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100යි, අමුතු විදියේ වාහන ආනයන බද්දක්?

බ්‍රෑන්ඩ් නිව් බීවයිඩී වාහන මෙරටට ආනයනය කිරීමේදී රේගුවෙන් අඩුවෙන් බදු අයකර එම වාහන නිදහස් කිරීමේ ජාවාරමක් සිදුකර ඇත්දැයි බරපතළ සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව කීවේය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේ. දැන් එනවා බීවයිඩී කියලා බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. ඒ බීවයිඩී වාහන ගෙන්වන ආයතනය ගෙන්වනවා අට්ටෝ 03 වර්ගයේ වාහන.. ඒකෙ කිලෝවොට් 100යි කියලා තමයි ගෙන්වන වාහනයේ සඳහන් වෙන්නේ. ඒ බ්‍රෑන්ඩ් නිව් කිලෝවොට් 100 වාහනයට ලක්ෂ 55ක් බදු ගහනවා. ඊළඟට අට්ටෝ 3 යූස්ඩ් වාහනය එනවා. ඒ යූස්ඩ් වාහනයට ලක්ෂ 100ක් බදු ගහනවා. නමුත් ඒකෙ තියෙන ප්‍රශ්නය තමයි ඒ යූස්ඩ් වාහනය කිලෝවොට් 150 යි කියලා තමයි ලියාපදිංචි වෙන්නෙ. එතකොට කිලෝවොට් 100 කියලා ලියාපදිංචි වෙනවා බ්‍රෑන්ඩ් නිව් වාහනය. ඒ බ්‍රෑන්ඩ් නිව් වාහනයට ලක්ෂ 55ක් බදු ගැහුවාම අර පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100ක් බදු ගැහුවාම ලක්ෂ 45ක හිඟයක් තියෙනවා බදුවල. අපි දන්නෙ නෑ ඒ වාහන ගෙන්වන ප්‍රධාන සමාගමට ආණ්ඩුවත් එක්ක මොකක්හරි සම්බන්ධයක් තියෙනවාද කියලා අර කන්ටේනර් එළියට ගියා වගේ මේකත් මේ අඩුවෙන් බදු ගහලා එළියට දානවද කියලා. මොකද බීවයිඩී වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි බැලුවාම ඒකෙ අට්ටො 3 වාහනය කියලා තියෙන්නෙ කිලෝවොට් 150 යි. කිලෝවොට් 100ක වාහනයක් නෑ. නමුත් වරායෙන් පිටකරනවා බ්‍රෑන්ඩ් නිව් වාහනය කිලෝවොට් 100 යි කියලා, ලක්ෂ 55යි බදු ගහන්නෙ. රීකන්ඩිෂන් වාහනය කිලෝවොට් 150යි, ලක්ෂ 100ක් බදු ගහනවා. ඉතින් කොහොමද එහෙම වෙන්නෙ ? එහෙම වෙන්න විදියක් නෑ” මේ ගැන විමර්ශනක් අවශ්‍ය බවද මන්ත්‍රීවරයා කීවේය.

Related posts

Sri Lanka need to improve batting in English conditions, says Mendis

Mohamed Dilsad

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරටට රැගෙන ආ කහ තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment