Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුව අතහරින්නේ නැහැ. – සනත් නිශාන්තගේ බිරිඳ නීතීඥ චමරි ප්‍රියංකා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතහැර වෙනත් පක්ෂයකට යාමට නියමිතව සිටින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන ප්‍රකාශය අසත්‍ය බවත්, කිසිදු දිනයක තමාට එවැනි අදහසක් නොතිබූ බවත්, හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය ප්‍රකාශ කළාය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එහිදී ඇය මෙසේද කීවාය.

“මගේ දේශපාලන ආගමනය සිද්ධ වෙන්නේ දිවංගත සනත් නිශන්ත රාජ්‍ය අමාත්‍යතුමා හේතු කොගෙන. මං කවදා හරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත ඇරලා වෙනත් පක්ෂයට යනවා කියන්නෙ මං හිතන්නේ නෑ මොන සමාජ මාධ්‍ය ජාලාවක හෝ කිනම් මාධ්‍යක ප්‍රකාශයට පත් වුණත් මගේ දේශපාලනික ආගමනය සිද්ධ වෙච්ච විදිහට කිසි කෙනෙක් විශ්වාස කරයි කියලා. මගෙත් එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ…

අපි ආණ්ඩුව කරගෙන යන හැටි එදා ඉදන් අද වෙනකන් තවමත් බලාගෙන ඉන්නවා. ජනතාවට පෙනෙනවා මේ ආණ්ඩුව ජනතාවට සක්‍රීය සේවකයක් කරනවාද? නැද්ද? ඒ අයගේ දැනුමෙන් තියෙන පරිචය පිළිබඳව ජනතාවට පෙනීගෙන යන වෙලාවකදී අපී මෙ..මේ..මේ.. කියලා අත දිග් කරන්න ඇඟිලි දිග් කරන්න අවශ්‍ය නෑ කියලා මම විශ්වාස කරනවා…

ජනතාව දනන්වා ජනතාවට ලබාදීපු පොරොන්දු සහ ඉෂ්ඨ කරපු පොරොන්දු මොනාද සහ නැති පොරොන්දු මොනාද කියලා ජනතාව දන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා අද අපි සංවිධායක ධූර ලිඛිතව ලබා ගැනීම තුළ ආසන තුළ ලොකු පිබිදිමක් ඇති වෙන්න නියමිතයි. අපි දන්නවා ජනාධිපතිවරණය, මහ මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන මැතිවරණය තුළ විශිෂ්ඨ ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබුවා.ඉතින් මේක ඉදිරි මැතිවරණයට තුළ වෙනසක් වීමට නියමිතයි.” යැයි ද කීවාය.

Related posts

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Uva PC term ends today

Mohamed Dilsad

Entry road to Katunayake expressway from Peliyagoda temporarily closed from 4th October

Mohamed Dilsad

Leave a Comment