Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

රුසියානුු මගී ගුවන් යානයක් අනතුර ට ලක්වෙයි

රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන – රුසියා දේශසීමාව අසළ දී සොයා ගැනීමට හැකිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මගීන් 49 දෙනෙකු සමඟ අතුරුදහන් වූ මෙම ඇන්-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම් කරගත් අන්ගාරා ගුවන් සේවයට අයත් වූවකි.

මේ සම්බන්ධයෙන් රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් සඳහන් කළේ යානයේ ගමනාන්තයට කි.මී. 15ක පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක දී යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිවී ඇති බවයි.

කෙසේවෙතත් මෙම ගුවන් අනතුරින් දිවි බේරාගත් කිසිවකු හෝ පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

රුසියාවේ ටයින්ඩා වෙත ගමන්ගන්නා අතරතුර දී නැගෙනහිර රුසියාවේ අමුර් කලාපයේ දී රේඩාර් පද්ධතියෙන් මෙම යානය අතුරුදහන්ව තිබුණි.

Related posts

FB admits the platform was used to incite racism

Mohamed Dilsad

க.பொ.த (சா/த) பரீட்சை – அகில இலங்கை ரீதியில் ஆறு முதலிடங்கள்

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්..?

Editor O

Leave a Comment