Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ගුවන් යානයක එන්ජිමක ගින්නක්

ඩෙල්ටා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් ගුවන්ගත වී ටික වේලාවකට පසු එන්ජිමක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් යානය බොයිං 767 මාදිලියට අයත් ගුවන්යානයක් වන අතර එය ඇට්ලන්ටා ගුවන්තොටුපොළ බලා පියාසර කිරීමට නියමිතව තිබිණ. ගුවන් යානයේ වම් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පෙන්නුම් කරන වීඩීයෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වේ.

කෙසේ වෙතත් මෙම ගුවන් යානය ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩබස්සවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ගුවන්තොටුපොළ ගිනි නිවන භටයින් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.

Related posts

National Security Advisory Board appointed

Mohamed Dilsad

සෞදි අරාබියෙන් මිලියන 1.65 නෝට්ටු අල්ලයි

Mohamed Dilsad

Alex Reid’s fiancee suffers third misscariage

Mohamed Dilsad

Leave a Comment