Trending Newsඑසැන පුවත්දේශීය

ලුණු රටට දෙන්න බැරි අය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා – හිටපු ඇමති පාඨලී චම්පික

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විකල්ප විෂයන් යටත ඉතිහාසය, සෞන්දර්ය, තොරතුරු තාක්ෂණය, දෙවන භාෂාව, සාහිත්‍ය ආදී විෂයන් එකතු කොට ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් පාඨලී චම්පික රණවක මේ බව කීය.

මෙහි දී දරුවන් රැකියා අභිමුඛ තොරතුරු තාක්ෂණය ආදී වෙළඳපොළ වටිනාමක් ඇති විෂයන් මිස ඉතිහාසය, සෞන්දර්ය ආදී විෂය තෝරා නොගන්නා බවයි, ඔහු සඳහන් කරන්නේ. මෙය ගුණාත්මක මිනිසකු බිහි කිරීම වෙනුවට රටේ අනාගතය විනාශ කරමින් තාක්ෂණික රෝබෝවරුන් පිරිසක් බිහි කිරීමේ උත්සාහයක් බවට ද හෙතෙම චෝදනා කරයි.

ලුණු කර්මාන්තය, සතොස හෝ කුඩා කර්මාන්තයක් කළ නොහැකි පිරිසකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ හැකි දැයි ප්‍රශ්න කරන පාඨලී චම්පික, වර්තමාන ආණ්ඩුවේ සිටින්නේ ලොකු ව්‍යාපෘති කළ හැකි කුසලතා සහිත පිරිසක් නොවන බව ඔවුන් අවබෝධකරගත යුතුව ඇති බව ද අවධාරණය කරයි.

විපක්ෂයේ සිටිය දී ඇවිදින පුස්තකාල ලෙස රඟපෑ පිරිස කෙතරම් පුංචි මිනිසුන් දැයි දැන් තහවුරු වී ඇති බවත් එහෙයින් අධ්‍යාපනය දැන් පවතින තත්ත්වයෙන් තිබෙන්නට හැරීම හොඳටම ප්‍රමාණවත් බවත් ඔහු ප්‍රකාශ කරයි.

Related posts

“Won’t exact vengeance from anyone” -Anura Kumara

Mohamed Dilsad

தேசிய பாடசாலை மாணவர்களுக்கு மாத்திரமே டெப் கணனி வழங்க அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

තිරුක්කෝවිල් පොලීසියේ වෙඩි තැබීමෙන් 4ක් මිය යයි

Mohamed Dilsad

Leave a Comment