Trending Newsඑසැන පුවත්දේශීය

සාකච්ඡාවලින් තොර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධයි – ජෝසෆ් ස්ටාලින්

රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් සිටියද, ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමඟ අවශ්‍ය සාකච්ඡා සිදු නොකරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කොළඹ දී අද (18) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටේ සිදු වනවා නම් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි. එබැවින් සාකච්ඡා නොකර මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අර්බුද පැන නැගෙන බවද ජෝසෆ් ස්ටාලින් මහතා එහිදී සඳහන් කළා. 

අධ්‍යාපනය තුළ පළමු වසරට ළමයි ඇතුළත් කිරීමේ තරගය, විභාග තරගය, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පවතින තරගය, ටියුෂන් සඳහා පවතින තරගය ,  ඉංග්‍රීසි භාෂා කුසලතාව පිළිබඳ තරඟය යනුවෙන් තරගකාරීත්වයන් පහක් තිබෙන බවට පවසන ජෝසෆ් ස්ටාලින් මහතා මෙම තරඟකාරීත්වය අහෝසි කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම 1966 දී යුනෙස්කෝ සංවිධානයේ මැදිහත්වීමෙන් පැරීසියේදී පැවැත්වූ ගුරුවරුන්ගේ වෘත්තීය පිළිබඳ නිර්දේශ ගැන සැලකීමේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් ගැන ගුරුවරුන්ගේ වෘත්තිය සංවිධාන සමඟ කතා කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාසල් විෂය මාලාවේදී කාල පරිච්ඡේද අට, හතක් බවට පත් කිරීම හා එක් කාල පරිච්ඡේදයක කාලය විනාඩි 50ක් බවට පත් කිරීම රජය ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා දෙකක් බවත් පවසමින් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ, පාසැල් කාලය උදෑසන 8.00 සිට පස්වරු 2.00 දක්වා වෙනස් කර ඇති බවයි.

මෙම  යෝජනා 2023 වසරේදී ආචාර්ය උපාලි සේදර, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටියදී ගෙන ආ ප්‍රතිසංස්කරණවල තිබුණු බවත් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා. මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් හට ගන්නේ සාකච්ඡාවකින් තොරව තීන්දු ගැනීම හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ පීළිබඳ අදහස් දැක්වූ ජෝසෆ් ස්ටාලින් මහතා :

“‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටේ වෙනවා නම් සියලු පාර්ශ්ව එක්ක කතා කරලා තීරණයක් ගන්න ඕනෑ. ආණ්ඩුව විතරක් හදාගෙන යන ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. සාකච්ඡ නොකර ක්‍රියාත්මක කිරීම නිසයි අර්බුදය එන්නේ.අධ්‍යාපනයේ තියෙන තරගකාරීත්වයන් පහක් තියෙනවා.මේ තරගය නැති කරන්න ඕනෑ.දැන් පළාත් මට්ටමේ නිලධාරීන් කැඳවලා ප්‍රතිසංස්කරණ කියනවා.

1966 දී යුනෙස්කෝ සංවිධානයේ මැදිහත්වීමෙන් පැරීසියේදී පැවැත්වූ ගුරුවරුන්ගේ වෘත්තිය පිළිබඳ නිර්දේශ ගැන සැලකීමේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් ගැන ගුරුවරුන්ගේ වෘත්තිය සංවිධාන සමඟ කතා කළ යුතුයි.

ඔවුන් ඉදිරිපත් කරපු ප්‍රධාන ක්‍රියා දෙකක් තමයි විෂය මාලාවේදී කාල පරිච්ඡේද අට හතක් බවට පත් කිරීම. එක් කාල පරිච්ඡේදයක කාලය විනාඩි 50ට බවට පත් කළා. පාසැල් කාලය අටේ සිට දෙක දක්වා කිරීම. මේ යෝජනා 2023 වසරේදී ආචාර්ය උපාලි සේදර, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඉන්නකොට ගෙනාපු ප්‍රතිසංස්කරණවල තමයි මේ දේවල් තිබුණේ.

ආණ්ඩුව නව විෂය මාලා හඳුන්වාදීමේදී විෂයන් නවය හතක් බවට පත් කරනවා. හර විෂයන් පහක් සහ තෝරාගන්නා විෂයන් දෙකක් ලෙස. මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් එන්නේම සාකච්ඡාවෙන් තොර තීන්දු ගැනීම නිසා.

මේ ක්‍රියාවලිය කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක. ඇය කියන විදියට රාත්‍රී වනතුරු සාකච්ඡා කළාලු ප්‍රතිසංස්කරණ ගැන. අපි දන්න විදියට 16 වැනිදා අධ්‍යාපන ඇමතිවරිය විනාඩි 15 රැස්වී්ම් හතරක් ගත්තා කණ්ඩායම් හතරකට. ඊට වැඩිය මොනවාද කරලා තියෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න අයට නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කරගන්නටත් බැරි වුණ කණ්ඩායමක් තමයි තෝරාගෙන ඉන්නේ.

අපට අවශ්‍යයි ප්‍රතිසංස්කරණයක්. අපට අවශ්‍යයි අධ්‍යාපනයේ පරිවර්තනයක්.දැනට තෝරාගෙන තියෙන විෂයන් පහ තුළ මානව ශාස්ත්‍ර විෂයන් එකක්වත් නැහැ. සෞන්දර්ය, ඉතිහාසය කියන දෙකම මානව ශාස්ත්‍ර විෂයන් දෙකක්. ඒවා තියෙන්නේ තෝරාගැනීම් දෙකක්. ආගම හර විෂයක් හැටියට අරන් තියෙනවා. ලෝකයේ, විශේෂයෙන්ම ඉන්දියවේ පවා ආගම හර විෂයක් හැටියට අරන් නෑ. හර විෂයන් පහ තුළ මානව ශාස්ත්‍ර විෂයන් මොනාද තියෙන්නේ. ඒකයි ගැටලුව. මේ ගැන සාකච්ඡා වෙලා තිබුණා නම් මේ ගැටලුව එන්නේ නැහැ. අධ්‍යාපන ඇමතිවරිය සහ ආණ්ඩුව හිතනවා අපි කියන එක තමයි කරන්නේ කියලා. ඒ තරම් විහිළුවක් අධ්‍යාපනය සම්බන්ධයෙන් තවත් නෑ”

Related posts

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

60 வகையான மருந்து பொருட்களின் விலைகள் அதிகரிப்பு

Mohamed Dilsad

Two women killed in Bentota accident

Mohamed Dilsad

Leave a Comment