Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ වරාය නගරයේ සමාගම් 4ක් සඳහා 25 වසරක බදු සහන…?

ජනාධිපති අනුර දිසානායක මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටියේ සමාගම් 4ක් සඳහා දේශීය ආදායම් පනත යටතේ වසර 35ක කාලයකට බදු සහන ලබාදී තිබේ. ඒ සියළු ආදායම් , ලාභ සහ බෙදාදෙනු ලබන ලාභාංශ, රඳවා ගැනීමේ බදු සහ ආනයනික බදු සඳහා ය.

ඊට අමතරව එකතුකළ අගය මත බදු හෙවත් වැට් බදු වලින්, මුදල් පනතේ විධිවිධාන වලින්, සුරා බදු වලින්, රේගු බදු වලින්, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු හෙවත් පැල් බදු වලින්, අපනයන සංවර්ධන පනතෙන් , කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනතින් , හා විදේශ විනිමය පනතින් එම සමාගම් හතර නිදහස් කර ඇති අතර ඒ වසර 25 ක කාලයක් සඳහා ය.

Ceylon Real Estate Holdings ( Private ) Limited , Clothespin Management and Development ( Private ) Limited , IFC Colombo (Private ) Limited සහ ICC Port City ( Private ) Limited යන සමාගම් වලට ඒ ආකාරයට බදු සහන ලබාදී තිබේ.

එම බදු හා පනත් වල විධිවිධාන වලින් එම සමාගම් නිදහස් කිරීම 2025 ජූලි මස 14 දිනෙන් ආරම්භ වන අතර දේශීය ආදායම් පනතින් නිදහස් කිරීම 2060 ජූලි 13 දක්වා ක්‍රියාත්මක කෙරේ. අනෙක් පනත් සම්බන්ධයෙන් වන නිදහස් කිරීම් 2050 ජූලි 13 දක්වා ක්‍රියාත්මකය. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ජූලි 14 දින සහිතව අංක 2445/2, අංක 2445/3, අංක 2445/4 සහ අංක 2445/5 යනුවෙන් නිකුත්කර ඇත.

ලසන්ත රුහුණගේ – අනිද්දා

Related posts

Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි

Editor O

කපුටු කාක් කාක් – පාර්ලිමේන්තුවේ රැව්දෙයි

Mohamed Dilsad

மோசடி செய்து சாரதி அனுமதிப்பத்திரம் பெற்றவர் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment