Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ය්‍රක්‍රේන අගමැති ධූරය කාන්තාවකට

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියාව සමග සාමය සඳහා ඇති අපේක්ෂාවන් බිඳ වැටෙමින් පවතින පසුබිමක යුද කාලීන කළමනාකරණය සහ පුනර්ජීවනය අරමුණු කරගනිමින් මෙම සංශෝධනය සිදුකර ඇති බවය.

ඒ අනුව එරට නව අගමැතිවරිය ලෙස 39 හැවිරිදි යුලියා ස්වයිරිඩෙන්කෝ පත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇති පරිදි යුක්‍රේන ජනාධිපතිවරයා එරට කැබිනට් මණ්ඩලයේ මෙම වෙනස්කම සිදුකර ඇත්තේ වසර පහකට පසුවීමද විශේෂත්වයකි.

පසුගිය අඟහරුවාදා දින යුක්‍රේනයේ හිටපු අගමැති ඩෙනිස් ෂ්මිහාල් පැවසුවේ එළැඹෙන සතියේදී රජය විසින් අපේක්ෂා කරන එරට විශාලතම යුද කාලින රජයේ ප්‍රතිංසංවිධානයේ කොටසක් ලෙස තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.

ඒ අනුව අදාළ ඉල්ලා අස්වීමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා විසින් නව අගමැති ධුරය සඳහා යුලියා ස්වයිරිඩෙන්කෝ නම් කළ අතර ඊට එරට පාර්ලිමේන්තුවේද අනුමැතිය හිමිව ඇත. යුලියා යනු පසුගිය 2021 නොවැම්බර් මාසයේ සිට යුක්‍රේනයේ නියෝජ්‍ය අගමැතිනිය මෙන්ම ආර්ථික අමාත්‍ය ධූරය දැරූ කාන්තාවද වන අතර ඇය යුක්‍රේන ජනාධිපතිවරයාගේ සමීපතම සහ දිගුකාලීන මිතුරියකි.

මේ අතර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ යුක්‍රේන හිටපු අගමැති ඩෙනිස් ෂ්මිහාල් යුක්‍රේනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද පත් කිරීමට සෙලෙන්ස්කි තීරණය කර ඇති බවද වාර්තා වේ.

යුක්‍රේන ජනාධිපතිවරයා මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුලියා පවසා ඇත්තේ තීරණාත්මක අවස්ථාවේදී තමන් අගමැති ධුරයට පත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව තමන් සෙලෙන්ස්කිට කෘතඥ වන බවය.

එමෙන්ම යුක්‍රේනයේ ආර්ථික විභවය ශක්තිමත් කිරීම මෙන්ම යුක්‍රේන ජාතිකයින් සඳහා ආධාරක වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම අවි නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛතා වනු ඇතැයිද ඇය මෙහිදී පවසා ඇත.

මෙම සතිය අගදි පාර්ලිමේන්තුව විසින් යුලියාගේ නාමයෝජනාව සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට නියමිත අතර ඉදිරි මාස 06 සඳහා ප්‍රමුඛතා කාර්යයන් පිළිබඳව තමා දැනටමත් ඇය සමග සාකච්ඡා කර ඇති බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබේ.

Related posts

පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් ගැන දුන් තීන්දුව

Mohamed Dilsad

06ம் திகதிக்கு பின்னர் வாகன இறக்குமதிக்காக ஆரம்பிக்கும் கடன் பத்திரங்களுக்கு புதிய வரி முறை

Mohamed Dilsad

Louvre evacuated as soldier reportedly shoots at armed man – latest from Paris – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment