Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තෙත වී කිලෝවක් සඳහා රු. 102ක මිලක්

තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102ක මුදලකට මිලදී ගැනීමට රජය සමඟ එකඟතාවකට පැමිණි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් ප්‍රකාශ කරයි. ඇතැම් ගොවීන් චෝදනා කරන්නේ තමන්ට වී සඳහා ලබාදී ඇති මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

මේ වන විට ප්‍රදේශ දෙකක යළ කන්නයේ අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ වී තිබේ. ඒ අනුව වී සඳහා ගොවීන්ට සහතික මිලක් ලබාදීමටද රජය කටයුතු කළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ ද මේ වනවිට යළ කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු සිදු වෙයි. ගොවීන් ප්‍රකාශ කළේ වැඩි මිලකට අලෙවි කිරීමේ අරමුණින් වී වේලා අළෙවි කිරීමට අදහස් කර ඇති බවයි.

මේ අතර තෙත වී කිලෝවක් රුපියල් 102ක මිලකට ලබාගැනීමට සූදානම් බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සඳහන් කරති.

Related posts

වසරේ පළමු දින දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්නයි

Mohamed Dilsad

අඩු කල මිල ගණන් යටතේ සහල් සියලුම ජනාකීර්ණ ප්‍රදේශ වලට බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

පාසල් දරුවන්ට ‘e තක්සලාවට’ ප්‍රවේශ වීමට අන්තර්ජාලය නොමිලේ

Mohamed Dilsad

Leave a Comment