Trending Newsඑසැන පුවත්දේශීය

තේ කර්මාන්තයේ ප්‍රවර්ධනයට, අචාර්යය හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරන මුදල් කාරක සභාවේ අවධානය

තේ කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනයට සඳහා ශ්‍රී ලංකා තේ අපනයන බදු සහ පාලන පනත යටතේ වන නියෝගයකට මෙන්ම විනිමය ප්‍රති සංශෝධන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූහ.

යෝජනාවට අනුව තේ කිලෝ ග්‍රෑම් එකක් මත රුපියල් තුනක බලපත්‍ර ගාස්තුවක් ගෙවීමට ද එම බලපත්‍ර ගාස්තුව තේ වගාව මෙන්ම කර්මාන්තයේ සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

එම මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලය පිහිටුවා ඇති ප්‍රධාන අරමුදලට බැර කරනු ඇත. ඒ තුළින් තේ කර්මාන්තයේ නියැලෙන අයගේ තේ ඉඩම්වල ඵළදායීතාව ඉහළ නැංවීම සඳහා නව තේ වගා / නැවත වගා / පාලු සිටුවීමට යොදා ගැනේ.

එමෙන්ම තේ කර්මාන්ත ශාලාවල කාර්යක්ෂමතාව මෙන්ම නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බව ද අපේක්ෂා කරයි. වංක හා වැරදි සහගත චෙක්පත් අනකරුවන් සම්බන්ධයෙන් සාපරාදී වගවීම පැනවීමට විනිමය ප්‍රති සංශෝධන පනත් කෙටුම්පත තුළින් හැකිවේ. චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විනිවිධාන සලසා දීම මෙහි අරමුණයි.

Related posts

Wimal Weerawansa and Sajith Premadasa offer to resign over State houses’ allegations

Mohamed Dilsad

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

பிரேஸிலில் அணை உடைவு: உயிரிழந்தோரின் எண்ணிக்கை 34 ஆக உயர்வு

Mohamed Dilsad

Leave a Comment