Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුවේ, අත්අඩංගුවට පත්වීමට නියමිත ප්‍රභල ඇමති ගැන ඉඟියක්.

අන්සතු ඉඩමක් අත්පත් කරගත් බව කියන සිදුවීමකට අදාළ ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, මෙරට දිනපතා පුවත්පතක් වාර්තා කරයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර ඇත්තේ ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි පර්චස් දොළහකින් යුතු ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් එක්තරා සමිතියකට අයත්ව තිබූ බවත් මෙකී අමාත්‍යවරයා විසින් එහි සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කර තමන් විසින් සභාපති ධුරය දරාගනිමින් අදාළ ඉඩම ඉතා සූක්ෂම ලෙස තමාගේ නමට පවරාගෙන ඇති බව මෙතෙක් කරන ලද පොලිස් විමර්ශනවලදී හෙළිව ඇතැයි ද සඳහන්.

තම නමට පවරා ගැනීමෙන් පසු අදාළ අමාත්‍යවරයා එම ගොඩනැගිල්ල වෙනත් පාර්ශ්වයකට බදු පදනම් මත ලබා දී ඇති බවද පුවත්පත් වාර්තාව තවදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන පොලිස් නිලධාරීන් අමාත්‍යංශයක ඉහළ නිලධාරීන් ඇතුළු දස දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවද තවදුරටත් සඳහන්ය.

Related posts

Princess Haya: Dubai ruler’s wife in UK ‘in fear of her life’

Mohamed Dilsad

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ වර්ධනයක්

Editor O

ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 681ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment