Trending Newsඑසැන පුවත්දේශීය

දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති ආණ්ඩුවේ ප්‍රතිඵළ සැප්තැම්බර් 21 වෙනිදා වන විට නිකුත් වේවි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිඵළ නිකුත් වනු ඇති බව ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

”සැප්තැම්බර් 21 අනුර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රතිඵළ නිකුත් වෙයි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵළ වගේ. ජන්ද ප්‍රතිඵල වගේ නෙවෙයි. අපිට පේනවනේ දීපු පොරොන්දු මොකුත් ඉටුවෙලා නෑනේ. පොරොන්දුවලට හාත්පසින්ම වැරදි වැඩ ටික තමයි කරලා තියෙන්නේ. එතුමාට ආය කවුරුත් විපක්ෂයක් අවශ්‍ය නෑ. සැප්තැම්බර් 21ට කලින් එතුමා එතුමාගේ පක්ෂ අය කරපු ප්‍රකාශ ටිකම ඇති එතුමාගේ විපක්ෂය වෙන්න. හරියටම ඊට ප්‍රතිවිරුද්ධ දේවල් ටික තමයි කරලා තියෙන්නේ ” යනුවෙන් රණවක මහතා කියාසිටියි. එය ජන්ද ප්‍රතිඵළ මෙන් නොව දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති පසුබිමක නිකුත් වන ප්‍රතිඵළ බවයි රණවක මහතා සඳහන් කළේය.

Related posts

ත්‍රිකුණාමලය මධ්‍යම මත්ස්‍යය වෙළඳ සංකීර්ණයත් වසා දමයි

Mohamed Dilsad

Parliament Staffer arrested for suspected extremist links

Mohamed Dilsad

Unidentified body recovered from Lunawa lagoon

Mohamed Dilsad

Leave a Comment