Trending Newsඑසැන පුවත්දේශීය

හරිනි යෝජනා කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, මහාචාර්යය නිර්මාල් දේවසිරිගේ දැඩි විවේචනයට

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් මේ ආණ්ඩුවට හෙණ වැදිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා තුළින් ඉතිහාසය සහ පුරවැසි අධ්‍යනය යන විෂයයන් අනිවාර්යය නොවන විෂයයන් බවට පත්කිරීමට ගෙන ඇති පියවර ගැන විරෝධය පළ කරන බවද මහාචාර්යයවරයා කීවේය.

හාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව පවසා ඇත්තේ සිය යූටියුබ් නාලිකාවෙහි වීඩියෝවක් පළකරමිනි. මේ ආකාරයෙන් සිහිබුද්ධියක් නොමැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට යෑම, මෙරට අධ්‍යාපනයට කළ හැකි විශාලම හානියක් බවද හෙතෙම සඳහන් කරයි.

“මේ ඉතිහාසය වගේ විෂයයක් නැතිව අපි කොහොමද ලෝකය ගැන අවබෝධ කරගන්නෙ ? මේ ලෝකය ගැන අවබෝධය අත්‍යාවශ්‍යම කාලයක්. මේක මේ නිකම්, ඕනෙ නම් කැමති නම් තෝරාගන්න පුළුවන් එකක් නෙවෙයි. පුරවැසි අධ්‍යනය වගේ විෂයයක් කැමති නම් තෝරගන්න එකක් වෙන්න බෑ. ඒක අධ්‍යාපනයේ අනිවාර්යය කොටසක් විය යුතුයි. ඒ නිසා මං හිතන්නෙ මේවා ගැන මේ විදියට හිතන්නෙ නැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න යාම අධ්‍යාපනයට කරන්න පුළුවන් විශාල හානියක්. මම කියන්නේ මේවා මෙහෙම කළොත් මොන හේතුවක් නිසාවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව – දැන් අපි අයිතිවෙන්නෙ මේ ඩෝබිලා වර්ගයටනෙ, ඒ කියන්නෙ හෝදන කට්ටියනෙ. මේක දාපුවාම මම දන්නවා මේවා එඩිට් කරලා දානවා, කමක් නෑ ඒත්, දාගන්න ඕනෙ නම් – හෙණ ගහන්න ඕනෙ ආණ්ඩුවට මේවා මෙහෙම කරනවා නම්. ඒ කියන්නෙ ඒ තරම්ම සිහිබුද්ධියක් නැතිව, හිතා බලන්නෙ නැතිව කරන වැඩ මේවා”

හරිනි අමරසූරිය මහත්මිය මුලින්ම දේශපාලනයට පිවිසුනේත් මහාචාර්ය නිර්මාල් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් සිටි සමයේදී ගෙන ගිය 6% සටන තුළින් වීම ද විශේෂත්වයකි.

Related posts

Windy condition to reduce from today

Mohamed Dilsad

BREAKING: 2019 A/Level results released

Mohamed Dilsad

வேட்டுக்கள் விழும் விடுதலைச் சமூகங்களின் வசந்த வாசல்கள் 

Mohamed Dilsad

Leave a Comment