Trending Newsඑසැන පුවත්දේශීය

සමාජ මාධ්‍යෙය් දැඩි විරෝධය ඉදිරියේ රු. 72000 මල්ටි ප්ලග් ටෙන්ඩරය අවලංගු කරයි

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා මල්ටි ප්ලග් 700ක් මිලදී ගැනීමට අදාළව ඉදිරිපත් කර තිබූ ආන්දෝලනාත්මක ටෙන්ඩරය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

එක් බහු විදුලි පේනුවක් සඳහා රුපියල් 72,540.00ක අධික මිලක් නියම කර තිබීම හේතුවෙන් මෙම ටෙන්ඩරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල විය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වසන්ත මුදලිගේ විසින් මුලින්ම මෙම ටෙන්ඩරයේ තත්ත්වය හෙළිදරව් කරන ලද අතර, මෙය ආණ්ඩුවේ හිතවතෙකුට ලබා දීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත්, ආණ්ඩු පාර්ශවය සහ එහි පාක්ෂිකයින් මෙම චෝදනා පදනම් විරහිත බවට සමාජගත කිරීමට උත්සාහ කළ අතර, අදාළ විදුලි පේනු සාමාන්‍ය භාවිතයට වඩා කර්මාන්තශාලා භාවිතයට සුදුසු ඒවා බැවින් මිල අධික බවට තර්ක කළහ.

එවන් තත්වයක් මැද අදාළ ටෙන්ඩරය අවලංගු කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තීරණය කර ඇති අතර අමාත්‍යාංශය විසින් අදාළ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කළ පාර්ශවයන්ට දන්වා ඇත්තේ ප්‍රසම්පාදනය අවලංගු කර ඇති බවත්, ඔවුන්ගේ ලංසු ඇප මුදල් නැවත බැංකු ගිණුම්වලට බැර කරන බවත්ය.

Related posts

ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

President to make Policy Statement in Parliament today

Mohamed Dilsad

தனியார் துறை ஊழியர்களுக்கு சம்பளத்துடன் விடுமுறை வழங்கவும்

Mohamed Dilsad

Leave a Comment