Trending Newsඑසැන පුවත්දේශීය

සංවර්ධන නිලධාරීනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි….?

එම්.එන්. 5 වැටුප් තලය සහිත උසස්වීම් ක්‍රමවේදයක් සැකසීම ඇතුළු සංවර්ධන නිලධාරීන් මුහුණ දී සිටින වෘත්තීය ගැටලු 12කට විසඳුම් ඉල්ලා ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථාන පවසයි.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මේ දක්වා වැඩපිළිවෙළක් සකස් කර නැතැයි එම සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ කීවේය.

පසුගිය රජය සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු විසඳනවා වෙනුවට සාකච්ඡා දෙමින් කල්මැරීම සිදුකළ බව කී ලේකම්වරයා එම පාලනය වෙනුවට බලයට පැමිණි වත්මන් ආණ්ඩුවද ගැටලුවලට විසඳුම් ලබාදීමට උනන්දු නොවන බව සඳහන් කළේ ය.

මෙම තත්ත්වය හමුවේ ඉදිරි කාලය තුළ උද්ඝෝෂණ, වැඩවර්ජන ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉල්ලීම් දිනා ගැනීමට තීරණය කළ බවද හෙතෙම ප්‍රකාශ කළේ ය.

නිශ්චිත රාජකාරි ලැයිස්තුවක් ලබා දීම, අභ්‍යාසලාභී පුහුණු කාලය ස්ථිර සේවා කාලයට එකතු කිරීම, සංවර්ධන නිලධාරි සේවාවට අධි ශ්‍රේණියක් ලබා දීම, ශ්‍රේණි අතර උසස්වීම් කාල සීමාව වසර පහක් දක්වා අඩු කිරීම, පිළිගැනීමේ කවුළු රාජකාරි පැවැරුම් ඇතුළු අමතර රාජකාරි ඉවත් කිරීම, දේපළ ණය නැවත ලබා දීම, ප්‍රවාහන දීමනාවක් ලබා දීම, නේවාසිකාගාර පහසුකම් ලබාදීම, සහනදායි මිලට යතුරුපැදි ලබා දීම, විශ්‍රාම වැටුප් අයිතිය තහවුරු කිරීම සහ තනි කම්කරු නීතිය ඉවත් කිරීම යන ඉල්ලීම්වලට ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද ඔහු කීවේය.

-මව්බිම

Related posts

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ගැන අගමැති කළ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

17-Hour water cut in Kotte and parts of Colombo

Mohamed Dilsad

ஹஜ் கோட்டாவினை 5 ஆயிரமாக அதிகரிக்குமாறு கோரிக்கை

Mohamed Dilsad

Leave a Comment