Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තීරු බදු ගැන, ඇමෙරිකානු ජනාධිපතිගෙන් රුසියාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්

යුක්‍රේන ගැටුම අවසන් කිරීම සඳහා දින 50ක් ඇතුළත එකඟතාවයකට නොපැමිණියහොත් රුසියාවේ වෙළෙඳ හවුල්කරුවන්ට 100% දක්වා වූ “දරුණු” තීරුබදු පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි.

මෙම අනතුරු ඇඟවීම ඔහු සඳුදා ධවල මන්දිරයේදී නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවති හමුවකදී සිදු කළේය.

“අපි රුසියාව ගැන ඉතාමත්, ඉතාමත් අසතුටින් ඉන්නේ. දින 50ක් ඇතුළත අපිට ගනුදෙනුවක් නැත්නම් අපි ඉතා දරුණු තීරුබදු පනවන්න යනවා,” ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ඔහු මෙම ගැටුමට වොෂින්ටනය ඇදගෙන ඒම සම්බන්ධයෙන් සිය පූර්වගාමී ජෝ බයිඩන්ට දොස් පැවරූ අතර, යුක්‍රේනයට ආධාර සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය දළ වශයෙන් ඩොලර් බිලියන 350ක් වැය කර ඇති බවද සඳහන් කළේය.

රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීම සඳහා වූ කොන්ග්‍රස් පනත් කෙටුම්පතක් ගැනද එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කළේ, “මට විශ්වාස නෑ අපිට ඒක ඕන කියලා, නමුත් ඔවුන් එය කිරීම හොඳයි… ඉතා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්,” යනුවෙනි. සෙනෙට් සභාවේ ඡන්ද විමසීමක් ලබන සතියේදී අපේක්ෂා කෙරේ.

යුක්‍රේනය සම්බන්ධයෙන් ප්‍රගතියක් නොමැති නම්, රුසියාවට ද්විතීයික ඇමෙරිකානු තීරුබදු පැනවීම සඳහා කොන්ග්‍රස් අනුමැතියක් අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

සම්බාධක පැනවූ රටක් සමඟ ව්‍යාපාර කරන රටවල් සඳහා සමහර විට ද්විතීයික තීරුබදු හඳුන්වා දෙනු ලැබේ.

Related posts

Iran’s Rouhani asks Europe for guarantees on banking channels and oil sales

Mohamed Dilsad

මැදපෙරදිග අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ කණගාටුව

Mohamed Dilsad

ஸ்ரீதேவியின் மரணம் விபத்து அல்ல: திடுக்கிடும் தகவல்

Mohamed Dilsad

Leave a Comment