Trending Newsඑසැන පුවත්දේශීය

ඔන්ලයින් ක්‍රමයෙන් දඩ මුදල් ගෙවීමේ පහසුකම සැප්තැම්බර් සිට

එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්හක කරන බව ICTA අධයක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසයි. GovPay සහ ඉදිරියේ දී හඳුන්වාදීමට නියමිත රථවාහන දඩ ඔන්ලයින් ගෙවීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ පුරසිංහ මහතා, “සති කිහිපයකට කලින් අපිට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ නිසා අපි දඩ මුදල් ඩිජිටල් ආකාරයෙන් ගැනීමේ කටයුතු දිවයින පුරා ක්‍රියාත්මක කරන්න මේ මාසයේ ඉඳන් පටන් ගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ අග වෙනකොට පළාත් දෙකක් බස්නාහිර සහ දකුණු පළාතේ පොලිස් ස්ථාන සම්බන්ධ කරගෙන පළවෙනි අදියරේදී මේක හඳුන්වා දෙන්න. ඊට පස්සේ ඉතාම කඩිනම් වැඩපිළිවෙළක් යටතේ රට පුරාම සැප්තැම්බර් මාසය වෙනකොට සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ස්ථානීය දඩ මුදල් ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න.

අපි govpay එළි දක්වන මොහොතේ ගොඩක් ඇප් රෙඩි වෙලා තිබුණේ නෑ. දැන් ඇප්  රෙඩි වෙලා තියෙනවා. බෑක්න් ඇප්ස් රෙඩි වෙලා තියෙනවා ඒ නිසා තමන්ට කැමති ඇප්  එකක්, තමන්ට කැමති බැංකුවක් පාවිච්චි කරලා දඩ මුදල් ගෙවන්න පුළුවන්. “

Related posts

Greta Thunberg’s father: ‘She is happy, but I worry’

Mohamed Dilsad

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

Editor O

රජයේ ඔසුසැල් පමණක් විවෘත කර තබන්න උපදෙස්

Mohamed Dilsad

Leave a Comment