Trending Newsඑසැන පුවත්දේශීය

සංචාරක කර්මාන්තයට පුහුණු ශ්‍රමිකයින් 20,000 ක් ශ්‍රී ලංකාවෙන්

සංචාරක කර්මාන්තය සඳහා 20,000ක පුහුණු ශ්‍රමික පිරිසක් බිහිකිරීමේ වැඩපිළිවෙළට මුලපුරා ඇති බව, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ලෝක සංචාරක දිනය නිමිත්තෙන් දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුවේදී.

ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශනය දිනාගත් රටවල් අතර, ඉහළින්ම සිටින බව නොරහසක්. ඒ අනුව මෙරට සංචාරක කර්මාන්තය වඩා හොඳ සන්ධිස්ථානයකට පැමිණෙමින් පසුගිය ජනවාරි මස සිට ජුනි මාසය දක්වා සංචාරකයින්ගේ පැමිණීම මිලියන 1.2ක් ලෙස සංචාරක වාර්තා පෙන්වා දෙනවා.

එමෙන්ම ලොව ප්‍රමුඛතම සඟරා තුළ ශ්‍රී ලංකාව සංචාරකයින්ට ඉතා හිතකාමී ගමාන්තයක් ලෙස නම් කර තිබීම විශේෂත්වයක්. මෙවන් පසුබිමක් තුළ එළඹෙන සැප්තැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ඊට අදාළ ක්‍ෂේත්‍රවල මැදිහත්වීමෙන් කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේදී පැවැත්විණ.

Related posts

“Hajj signifies peace, brotherhood” – President

Mohamed Dilsad

Sajith says will initiate an economic revolution

Mohamed Dilsad

Sri Lanka beat South Africa by 178 runs in 5th ODI

Mohamed Dilsad

Leave a Comment