Trending Newsඑසැන පුවත්දේශීය

කොස්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවේ.

බලපිටිය, කොස්ගොඩ හතරමංහන්දියේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමට අදාළව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකුයි.

ඔහු ත්‍රිරෝද රථයෙන් අහුන්ගල්ලේ සිට⁣ කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී, යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙ⁣නෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා තිබේ.

එහිදී තුවාල ලබා ඇත්තේ කලුදුර නිමුතු අභිෂාන් අභය ද තාබ්‍රෙව් (රන් මහත්තයා) නමැති කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකරු මේ වනවිට බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම වෙඩිතැබීම දැනට විදේශගතව සිටින ‘ෂාන් මල්ලි’ යන අය විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් පොලීසිය පවසා සිටියේ, මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ ත්‍රිරෝද රථයේ හිමිකරුවන ‘බාලේ’ නමැත්තා ඉළක්කර බවයි. එහෙත් ප්‍රහාරය එල්ලකරන විට එහි ගමන්කර ඇත්තේ බාලේ නැමැත්තාගේ ඥාති පුත්‍රයෙකු වූ තුවාල ලැබූ නිමුතු අභිෂාන්.

මීට වසර දෙකකට පමණ පෙර ද බාලේ නමැත්තා ඉලක්කකර අහුන්ගල්ලේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එදිනද ඔහු ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

Related posts

Angelique Kerber beats Serena Williams to win Wimbledon

Mohamed Dilsad

මියන්මාර ඛේදවාචකයෙන් මියගිය ගණන තුන් දහස ඉක්මවයි – මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

Editor O

Pakistan High Commission celebrates Quaid’s Day in Colombo

Mohamed Dilsad

Leave a Comment