Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීනියට : මාලිමා මැරයෙක් නිවසට පැමිණ තර්ජනය කරලා….?

වැලිගම ප්‍රාදේශය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත‍්‍රීනී සංජුලා පියදිගම මහත්මියට මරණ තර්ජන කර තිබේ. මිරිස්ස ප්‍රදේශයේ පිහිරි ඇයගේ නිවසේ රැඳී සිටියදී මෙම තර්ජනය කරන ලද්දේ දීර්ඝ කාලයක සිට දේශපාලන වශයෙන් හඳුනන පුද්ගලයෙකු යයිද ඇය චෝදනා කරයි.

කැබ්‍ රියකින් පැමිණ තම නිවස අසල නවතා තමාට තර්ජනය කළ බව පවසන ඇය අදාල රථය එම නිවස ඉදිරිපිට පැමිණෙන අයරු දැක්වෙන සසිටීවී කැමරා දර්ශනද ඉදිරිපත් කරයි. ‘හවස හයයි කාලට පමණ මම නිවසේ ඉදිරිපිට සිටියදී සුදු කැබ් රතයක් අපේ ගෙදර ඉස්සරහා නැවැත්තුවා. නවත්තලා හෝන් එක ගැහුවට පස්සේ මම තාප්පේ ගාවට ගියා.

පස්සේ වීදුරුව පහත් කරලා හා මැඩම් කියලා කිව්වා. ඒ වෙලාවේ මම එබිලා බැලුවා කවුද කියලා. ඒ වෙලාවේ ඩ්‍රයිවින් ෂිට් එකේ හිටියේ මුලටියන ජාතික ජනබලවේගයට සාමාජිකත්වය දරන දහනායක මහත්තයා.

එතුමා තමයි මට මීට පෙරත් ගිය සභාවාරයට කලිනුත් යම්කිසි මුදලක් දෙන්නම් ප්‍රතිපාදන දෙන්නම් කියලා මට දුරකථන ඇමතුමගින් කතා කරා තව කෙනෙක් ලව්වා. නමුත් මම ඒ දේට කැමති වුණේ නැහැ. එහෙම ඉන්දෙද්දී ඊයේ හවස මෙහෙම වාහනේ නතර කරලා මගෙන් ඇහුවා හා මැඩම් කියද්දී මම බැලුවා කවුද කියලා.

එතකොට මෙන්න මේ දහනක මහත්තය ඊට පස්සේ මෙතුමා මගෙන් ඇහුවා ආ දැන් 24 සභාව පිහිටවනෙ කියලා. මම කිව්වා ඔව් ඇයි ඇයි ප්‍රශ්නයක්ද කියලා.

ඊට පස්සේ කිව්වා එකපාරටම 24 සභාවට ආවොත් උඹ මරලා හංගනවයි කිව්වා. රස්සාවටත් ප්‍රශ්නයක් කරගන්න නැතුව ගෙදරට වෙලා ඉඳපන් කිව්වා.

මම රජයෙන් ඉල්ලා සිටින්නේ මන්ත්‍රී ධූරයක් අරගෙන සභාවට ගියා කියලා මෙහෙම තර්ජන ගල්ජන කරලා ඔවුන්ගේ බලය ගන්න ලේස් වෙන්න එපා’

Related posts

Government income from tobacco falls in 2017

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව නව පාසල් සඳහා ඉල්ලුම් කිරීමේ අවසන් දිනය

Mohamed Dilsad

ඌව පළාත් ප්‍රධාන ලේකම් පත් කරයි. .

Editor O

Leave a Comment